වන්දනීය
පූජනීය උතුම් බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ට අපගේ නමස්කාරය
වේවා...!
“සබ්බේ
සත්ථා භවන්ත් සුඛිතත්ථා “
(සියලු
සත්වයෝ සුවපත් වේවා...!)
උතුම් බෞද්ධයකුගේ දෙසවණ වැකෙන මේ වදන් ඉතාමත්ම සුමිහිරි ය. ඒ සුමිහිරි වදන් මා දෙසවණ වැකෙන්නට තරම් පිනැත්තියක් වීම ගැන සිතට සතුටක් මෝදු වන්නීය. ඒ සතුට නිරාමිස සතුටක් කර ගන්නට යන ගමනේදි මා හට මුණ ගැසුණු උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් බුදු දහම සුරක්ෂිත කරන්නට දරන වීර්යය වචනයෙන් කියා නිම කළ නොහැක. මේ සොඳුරු උතුම් මනුෂ්‍ය රත්නය ලක් දෙරණේ පිනටම පහළ වූ උත්තමයෙකි. මේ උතුම් යුග පුරුෂයාණන්ගේ ගමන් මඟ සැදැහැ සිතින් අනුගමනය කිරීමෙන් අපට ද සතර අපායට වැටිය හැකි මාර්ගයෙන් මිදෙන්නට අවස්ථාව උදා වී තිබේ. ඒ සඳහා නොපමාව කුසල් දහම් පුරන්නට අප තරයේ සිතට ගත යුතුය.
එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදි සුමේධ තාපසතුමන් සියලු සත්වයින් සුවපත් කිරීමේ උතුම් අරමුණෙන් යුතුව සංසාර සාගරයට බැස ගත්තාක් මෙන් උතුම් බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් ද සිය ජීවිතය පරදුවට තබා උත්තරීතර තුනුරුවන කෙරෙහිම ජීවිතය පූජා කර සිටිනුයේ අප නිසාමය. කුමන තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද එතුමාණන් නොසැලුණු සිතෙන් එඩිතරව කටයුතු කරනුයේ තුනුරුවනේ සීලමය ගුණයන්හි පිහිටාය. උතුම් සීලමය ගුණයන්හි පිහිටා එතුමාණන් සැදැහැති බෞද්ධයන්ට ලබාදෙන ආදර්ශය අතිශය වැදගත් ය. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමින් සුරක්ෂිත කර ගන්නා සීලමය ගුණයන් දෙව් බඹුන්ගේ පමණක් නොව අමනුෂ්‍ය බලවේගයන්හි පවා වන්දනාමානයට පාත්‍ර වී තිබේ. මෙවන් උත්තමයකු මුණ ගැසෙන්නට තරම් අප පින් කර දීම සතුටකි.
සසර ගමන තුළදී අපට සතුරන්, මිතුරන් රැසක් හමු වේ. අපගේ පිනට කල්‍යාණ මිත්‍රයන් හමුවීම දුලබ කාරණාවකි. අප සතුව පිනක් පවතින්නේ නම් කල්‍යාණ මිතුරන් හමු වීම සිදු වේ. මට ද එවැනි කල්‍යාණ මිතුරියක් හමු විය. ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු මාධ්‍යවේදිනි උදුලා පීරිස් මහත්මිය මා හට හමු වූ එක් කල්‍යාණ මිතුරියෙකි. ඇයගේ අවවාද අනුශාසනා ඔස්සේ උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ගේ උතුම් බෝධි පූජාමය පිංකම්වලට සහභාගි වීමට මට හැකි විය. එතුමාණන්ගේ බෝධි පූජාමය පිංකමට සහභාගි වූ මුල්ම දිනයේදි මට සිතුණේ රැයක් පුරා නිදි වරන්නේ කෙසේද යන්නය. උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ගේ සුමිහිරි කට හඬ සහ උට්ඨාන වීර්ය මගේ ගැටලුවට පිළිතුරක්ම විය. බෝධි පූජා පිංකම්වලදී ජානක මහතාණන් එක් නිමේෂයක් හෝ නොනිදා වෙහෙසෙන්නේ මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අප එතෙර කිරීම උදෙසාමය. එතුමාණන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට හැකි වුවද, ඒ සියල්ලක්ම අතහැර දමා අප වෙනුවෙන් නිදි වරාගෙම වෙහෙසෙන්නේය. එවන් වීර්යක් දරන උත්තමයාණන්ට කෘතගුණ දැක්වීම අපගේ යුතුකමකි. එසේ නම් අප කළ යුත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගයෙහි ගමන් කර සංසාර ගමන නිමා කරන්නට වීර්යය වැඩීමය. ඔබත් මමත් සතුව ඒ වීර්යය තිබෙන නිසාම මේ උතුම් බෝධි පූජාවන්ට සහභාගි වී සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු තුනුරුවන වන්දනාමාන කිරීමට ඉඩකඩ ලැබී තිබේ. උතුම් සදහම් මඟෙහි ගමන් කර භව ගමන නිමා කරන්නට හැකි වුවහොත් එදාට බුදුරජාණන් වහන්සේට තිබෙන ණයගැතිභාවයෙන් අපට මිදෙන්නට හැකිය. ඒ මාර්ගය ප්‍රායෝගිකව කියා දෙන්නට අද බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටිය ද ජානක මහතාණන් වැනි උත්තමයන් සිටීම අපගේ පෙර කුසලයකි. ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරමින් සරලව දහම් මඟ කියාදෙන ජානක මහතාණන් මුණ ගැසීමට අප සසරේ කළ කුසල් හේතු වී තිබේ. මේ ආත්ම භාවයේදි මතුව තිබෙන එම කුසල් ශක්තිය තව තවත් වර්ධනය කර ගන්නට ජානක මහතාණන්ගේ බෝධි පූජාවන් හේතු වාසනා වේ. රැයක් පුරා බෝධි පූජාවන් පවත්වමින්, බුද්ධානුස්සති භාවනාව වඩමින්, තෙසැත්තෑ ඥාණ පූජාව සිදු කරමින් විශ්වයෙන් ලබා ගන්නා ආශිර්වාදය අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට ද ආශිර්වාදයක්ම වී තිබේ. ඒ ආශිර්වාදය ඇවිදින්නට බැරි මිනිසුන්ට ඇවිදින්නට ද, කතා කළ නොහැකි අයට කතා කරන්නට ද, අසනීප වී සිටින අයගේ ලෙඩ රෝග සුවපත් කරන්නට ද හේතු වාසනා වී ඇත. මෙවන් උත්තමයෙක් අපගේ ජීවිතවලට හමු වී ඇති මේ දුර්ලභ අවස්ථාවේදී උතුම් ධර්ම මාර්ගය අපගේ ජීවිතවලට අර්ථවත්ව ගලපා ගනිමින් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට වීර්යය වඩමු. තෙරුවන් සරණයි.
වෙහෙර විහාර සදනා උතුම්
මිනිසා
ජානක මැතිඳුණි ඔබමය එ
මිනිසා
ලක්දෙරණේ මිණි පහනක් සේ
දිලෙනා
වැඳුම් පිදුම් ලබන්නට මැතිඳුණි ඔබ
අගනා
උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!
සාදු සාදු
සාදු
....... !
(බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ගේ උත්තරීතර බෝධි පූජාමය පිංකම්වලට සහභාගි වන්නියක් ලෙස මා හට දැනෙනා හැඟීම් ඉහත ලිපියෙහි සඳහන් ය. - සන්ධ්‍යා කරුණාරත්න.)
No comments:
Post a Comment