නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ......!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!
බුදුගුණ අනන්තයි.... බුදුගුණ අනන්තයි.... බුදුගුණ අනන්තයි....
අනන්ත වූ බුදුගුණ සත්‍යානුභාවයෙන් සියලු සත්වයන් සුවපත් වේවා...!
මේ උත්තරීතර වූ ශ්‍රේෂ්ඨ වූ හැඟීම පෙරදැරි කර ගනිමින් උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් සිදු කරන ශාසනික මෙහෙවර අමිල වූවකි. අමිල වූ මේ මෙහෙවර උතුම් දිව්යතලයන්හි වාසය කරන්නා වූ මහේශාක්‍ය, අල්පේශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ වන්දනීයත්වයට පාත්‍ර වී තිබේ. උතුම් තුනුරුවනට ජීවිතය පූජා කරමින් පංචශීලය තම දිවිහිමියෙන්ම ආරක්ෂා කරමින් ජානක මහතාණන් සිදු කරන්නා වූ ශාසනික මෙහෙවරට දෙව් බඹුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබී තිබුණත්, අකුසලයන්ගෙන් පිරුණු ඇතැම් මිනිසුන්ගේ බාධාවන් නැත්තේම නොවේ. කුමන බලවතෙකුගේ බාධාවන් පැමිණියත් එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨ වූ ගමන කිසිවෙකුටත් නතර කළ නොහැක. උත්තරීතර වූ ශ්‍රේෂ්ඨ වූ බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් සසර ගමනෙහි එතුමාණන් නිතර වනුයේ සියලු සත්වයින් භව ගමනෙහි දුකෙන් මුදවා ගැනීමේ ශ්‍රේෂ්ඨ අරමුණ ඇතිවය. එම උතුම් ගමන් මඟට වචනයකින් හෝ ගැරහීමක් කර බාධා පමුණුවනන්ට යම් අයෙකු සිතන්නේ නම් එය බලවත් අකුසලයකි. හරි අමාරුවෙන් අපි මේ ලබාගෙන තිබෙන මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කර ගනිමින් බලවත් අකුසලයන්ගෙන් දුරස්ථ වී කුසල් ධර්මයන්ම වඩන්නට කුසල් කන්දක් ලෙස මුණ ගැසී සිටින ජානක මහතාණන්ගේ සසර ගමනට හයියක් වෙමින් නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට අපි තරයේ අදිටන් කර ගනිමු.
උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් මේ වන විට රට පුරා දුෂ්කර ප්‍රදේශයන්හි උතුම් චෛත්‍යරාජයාණන් වහන්සේලා 253 ක් පමණ අලුතින්ට ඉදි කර සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කර තිබේ. මේ සියලු චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ ගර්භය තුළ අමිල වූ උතුම් සම්පත වන සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත. ගම් මැද්දේ සුදෝ සුදුවන් රැසින් බබළන මේ චෛත්‍යරාජයාණන් වහන්සේලා දකින විට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා අපට දැක ගත හැකිය. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දැකීමෙන් අප සිත් සතන් තුළට මෝදු වන සතුට මෙතෙකැයි කියා විස්තර කළ නොහැක. එසේ නම් චෛත්‍යරාජයාණන් වහන්සේ පින්බර සිතින් වන්දනා කිරීමෙන් ක්ෂණයක් තුළදී අපමණ වූ කුසලයක් ජනිත කර ගන්නට දුර්ලභ අවස්ථාවක් අපට උදා වී ඇත්තේ උතුම් ජානක මහතාණන් නිසාමය. මනුෂ්‍ය වේශයෙන් සිටින උත්තරීතර දේව පුත්‍රයකු වන ජානක උතුමාණන් සියලු දෙවිවරුන්ගේ නාමයන්ට චෛත්‍යරාජයාණන් වහන්සේලා ඉදි කර තිබීම විශේෂ වූ කාරණාවකි. එක් එක් දේවතාවුන් වහන්සේලාගේ නාමයන්ට ඉදි කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේලා අභියස දෑත් එකතු කර ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන දේවතාවුන් වහන්සේලාගේ ප්රතිමාවන් ය. මේ ප්‍රතිමාවන්ට ජීවමානභාවයක් ලබාදෙන්නට උතුම් ජානක මහතාණන් නේත්‍ර තැබීම සිදු කරනුයේ තුනුරුවනේ සීලමය ගුණයන්හි පිහිටාමය. අනන්ත බුදුගුණ ඇති සුගත තථාගතයාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේට දෙව් - මිනිස්, අමනුෂ්‍ය බලවේගයන් වන්දනාමාන කරන වාරයක් වාරයක් පාසා දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන්ව දිව්‍ය සැප සම්පත් වැඩි කර ගන්නට ඉඩහසර ලැබී ඇත. මේ ලෝකයේ කිසිදු සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදු කරන ජානක උතුමාණන්ට දිව්‍ය නේත්‍ර තැබීමෙන් කිසියම් උවදුරක් සිදුවෙතැයි ඔබ සිතන්නේ ද? මේ කාරණාව යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට තරම් ඔබ බුද්ධිමත් වනු ඇත. නොඑසේ නම් සාමාන්‍ය පරිදි තර්කානුකූලව සිතා බැලීමෙන්ම ඔබට යථාර්ථය අවබෝධ කර ගන්නට හැකි වනු ඇත.
උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් විසින් දේව ප්‍රතිමා වහන්සේලාට පමණක් නොව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ද නේත්‍ර තැබීම අපට දැක ගත හැකිය. එවන් සුන්දර දසුනක් දකින්නට තරම් අපගේ දෙනෙත් පින්වන්ත වීම සතුට දනවන්නකි. බුද්ධ ප්‍රතිමා වහන්සේලා, දේව ප්‍රතිමා වහන්සේලා දහස් සංඛ්‍යාවකට නේත්‍ර තබමින් ජීවමාන ප්‍රතිමා වහන්සේලා බවට පත් කරන ජානක මහතාණන්ගේ එක් රෝම කූපයකට හෝ හානියක් කරන්නට මේ විශ්වය ඉඩ තබන්නේ නැත. අකුසල් සිත් ඇති මිථ්‍යා මතයන්හි එල්බ ගෙන ජීවත් වන අධර්මිෂ්ට මිනිසුන්ට ජානක උතුමාණන්ගේ වටිනාකම නොතේරුණාට ශ්‍රී සහශ්‍රී ලෝක ධාතුවට එතුමාණන්ගේ වටිනාකම තේරෙන්නේය. ප්‍රතිමා වහන්සේලාට නේත්‍ර තැබීම නිසා ගමට, ගමේ මිනිසුන්ට හෝ ජානක මහතාණන්ට වස් වදින බවට මිථ්‍යා මතයක් පවතියි. අධර්මිෂ්ට මිනිසුන් දරන එවැනි මිථ්‍යාවන් සම්බන්ධයෙන් නිකමට හෝ සිතන්නට අවශ්‍ය නැත. එතුමාණන් විසින් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදි කළා වූ ගමකට ගොස් ඔබට සියැසින්ම ගමේ සෞභාග්‍යය දැක ගන්නට හැකිය. වස් වැදී ඇත්තේ මිථ්‍යා මත දරන්නන්ට මිස උතුම් සීලමය ගුණයන්හි පිහිටා මේ අමිල වූ කර්තව්‍යය සිදු කරන ජානක උතුමාණන්ට නම් නොවන බව කිව යුතුමය. මතු බුදු බව ලබන්නට පාරමිතාවන් පූරණය කරන්නා වූ උත්තරීතර බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන් කිසියම් ස්ථානයකට පය තබන්නේ ද එම ස්ථානය සෞභාග්‍යයෙන් පිරුණු ස්ථානයක්ම වන්නේ ය. උතුම් සීලමය ගුණයන්හි පිහිටා සියලු කර්තව්‍යයන් කරන්නා වූ ජානක උතුමාණන්ගේ වටිනාකම මෙලොව ඇතැම් අධර්මිෂ්ට ජනතාවට නොදැණුනත් එතුමාණන්ගේ වටිනාකම දන්නා වූ දෙව් බඹුන් නිරන්තරයෙන්ම එතුමාණන් ආරක්ෂා කරනු නොඅනුමානය.
සටහන - සන්ධ්‍යා කරුණාරත්න.
No comments:
Post a Comment