ත්‍රෛනිකායික මහා සංඝ රත්නයෙන් පිදුම් ලැබූ සාම ශ්‍රී මානව දේශ ප්‍රේමී, සමාජ සුබ සාධක, අසරණ සරණ, දේශ කීර්ති, විශ්ව කීර්ති, ලෝකේශ්වර, සාසන තිලක, බුද්ධ පරමේශ්වර, ශ්‍රී ධනරංජන, දේශමාන්,ය බෝධිසත්ව ගුනෝපේත, පොතුහැර අහුගොඩ මහපිටිය වත්තේ පදිංචි ජානක සී සේනාධිපති මහතා විසින් 2018.12.02 වන දින රියන් 17 උසකින් සමන්විත ජීවමාන බුදු පියණන් වහන්සීගේ පිලිරුවක් අහුගොඩ පොතුහෑර මහපිටියවත්ත උත්පලවන්නා මෙහෙණි ආරාමයෙහි ලොව්තුරා සම්මා සම්බුදු පියණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට පුජා කල වගයි.
බෝධිසත්ව ජානක සේනාධිපති තරුණ බෞද්ධ කමිටුව
බුද්ධ සාසනය මනාව පෝෂනය කිරීමටත් ආරක්ෂා කිරීමටත් ගත් ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස 2017.12.02 වන දින බෝධිසත්ව ජානක සේනාධිපති තරුණ බෞද්ධ කමිටුව ආරම්භ කරන ලදී.
Monday, December 3, 2018
Thursday, April 5, 2018
ගමයි පන්සලයි වැවයි දාගැයි එළිකල මිනි පහන ඔබයි
"ගමයි පන්සලයි
වැවයි දාගැයි එළිකල මිනි පහන ඔබයි"
ලෝකයේ උතුම්
රටක්
බවට
ප්රසිද්ධියට පත්ව ඇති ලක්
දෙරණෙහි වාසය
කරන්නා
වූ
සිංහල
බෞද්ධ
ජනතාවගේ සංස්කෘතියට ඈත
අතීතයේ
සිටම
උරුමකම් කියන
වන්දනාවක් ලෙස
චෛත්යය රාජයාණන් වහන්සේ
වන්දනාව හැඳින්විය හැකිය.
එදා
බුදුරජාණන් වහන්සේ
වැඩ
සිටි
අවධියේ
පටන්ම
චෛත්යය වන්දනාව පැවැති
බවට
විවිධ
සාධකයන් පවතියි.
සම්මා
සම්බුදුරජාණන් වහන්සේගේ පාද
ස්පර්ශය ලැබූ
උතුම්
පිං
බිමක්
වන
ශ්රී ලංකාවෙහි චෛත්යය ඉදි කිරීමේ
ඉතිහාසය ද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි
කාලය
දක්වා
ඈත
අතීතයට
දිව
යයි.
තපස්සු
භල්ලුක
වෙළෙඳ
දෙබෑයන් බුදුන්
වහන්සේට විළඳ
හා
මී
පැණි
පිළිගැන්වීමෙන් පසුව
ලැබුණු
කේශධාතූන් වහන්සේ
තැන්පත් කර
ගිරිහඬුසෑය ඉදි
කළ
බව
ඉතිහාසයේ සඳහන්ය.
ඒ බව බුරුම මූලාශ්රවල ද සඳහන්ය.
බුරුම
ජාතිකයන් විශ්වාස කරනුයේ
ඔවුන්ට
ලැබුණු
කේශධාතූන් වහන්සේ
තැන්පත් කර
බුරුමයේ ස්වේදගොන් චෛත්යය ගොඩනැංවූ බවය.
එමඟින්
පැහැදිලි වනුයේ
තථාගතයන් වහන්සේ
ජීවමාන
කාලයේ
බුරුමයේ ද බෞද්ධ ස්ථූප ගොඩනැංවීම ආරම්භ
වූ
බවය.
බුදුරජාණන් වහන්සේ
මහියංගණයට වැඩම
කළ
අවස්ථාව සිහිගැන්වීමට ශ්රී සුමන සමන්
දෙවියන් මහියංගණ චෛත්යය ඉදිකිරීම ද,
කැළණියට වැඩම
කළ
අවස්ථාවේදි උන්වහන්සේ වැඩ
සිටි
මැණික්
පුටුව
තැන්පත් කර
මණිඅක්ඛිත රජු
ඉදි
කළ
කැළණිය
චෛත්යය ද බුදුන්
වහන්සේ
ජීවමාන
කාලය
හා
සම්බන්ධ වන
චෛත්යයන් ලෙස හැඳින්විය හැකිය.
"රමණීයං වෝ ආනන්ද
චාපාල
චේතියං,
රමණීයං
සාරන්දද චේතියං
........." යන
බුද්ධ
වචනයෙන් පැහැදිලි වනුයේ
තථාගතයන් වහන්සේ
චාපාල,
සාරන්දද ආදී
චෛත්යය ස්ථාන රමණීයත්වයෙන් යුක්ත
බවට
අගය
කළ
බවය.
ආනන්ද
හිමියන් බුදුන්
වහන්සේ
පිරිනිවන් පෑ
පසු
දේහය
පිළිබඳව කෙසේ
කටයුතු
කළ
යුතුද
යන්න
ඇසූ
විට
උන්වහන්සේ දේශනා
කළේ
තමන්
වහන්සේගේ දේහය
ආදාහනය
කිරීමෙන් පසුව
හතරමං
හංදියක
ස්ථූපයක් තනා
පුද
පූජාදිය පැවැත්විය යුතු
බවය.
එයින්
උන්වහන්සේ ප්රකාශ කළේ තමන්
වහන්සේ
ජීවමානව නොමැති
විට
ශාසනයේ
පැවැත්ම සඳහා
තමන්
උදෙසා
චෛත්යයට පුද සත්කාර
කිරීම
යෝග්‍ය බවය. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව
එසේ
කළ
අතර
එම
චෛත්යය වන්දනාව අද
දක්වාත් පවතියි.
සිංහල
බෞද්ධ
ජනතාව
අතර
නව
ප්රබෝධයක් ඇති කිරීමට චෛත්යය වන්දනාව හේතුපාදක වී
තිබේ.
චෛත්යය
වන්දනාවට නව
පිබිදීමක් ලබාදෙමින් බෝධිසත්ව ගුණෝපේත ජානක
සී.
සේනාධිපති මහතා
කරන
කාර්ය
වචනයෙන් කියා
නිම
කළ
නොහැකිය. “සෑම පන්සලකටම චෛත්යයක්“ යන සංකල්පය මුල්
කර
ගනිමින් චෛත්යය ඉදි කිරීමේ
නිර්මාතෘවරයාණන් වන
ඒ මහතා පසුගිය වසර
දෙක
ඇතුළතදී අලුතින් චෛත්යය සියයකට අධික
සංඛ්යාවක් නිර්මාණය කර
ගෞතම
සම්බුද්ධ ශාසනයට
පූජා
කරන්නට
කටයුතු
කර
තිබේ.
තව
ද චෛත්යය ගණනාවක් ඉදි
කිරීමට
මේ
වන
විටත්
ශිලා
ලේඛන
ප්රතිෂ්ථාපනය කර ඇති බව
සතුටින් දැනුම්
දිය
හැකිය.
ඈත දුෂ්කර
ගම්මානවල දුප්පත් අහිංසක
ජනතාව
එදා
වේල
සොයා
ගෙන
ජීවිතය
ගැට
ගසා
ගන්නට
කරන
සටන
අපමණය.
එවැනි
සටනක්
කරන
ජනතාවට
වන්දනාමාන කර
ගන්නට
ගමේ
පන්සලෙහි චෛත්යයක් නිර්මාණය කර
ගැනීම
සිහිනයකි. එම
සිහිනය
යථාර්ථයක් කරන්නට
මේ
ලංකා
ධරණි
තලයෙහි
උත්පත්තිය ලබා
සිටින
යුග
පුරුෂයාණන් වන
ජානක
මහතාට
හැකියාව ලැබී
ඇත.
එය
සැබැවින්ම ආශ්චර්යට හේතුවකි. ජානක
මහතා
වටා
එක්රොක්ව සිටින
පරිත්යාගශීලි ධනවතුන් ඒ මහතාගේ මේ
උතුම්
කාර්යට
උපකාර
කරන්නට
සැදී
පැහැදී
සිටීම
බුද්ධාලම්භන ප්රීතිය දනවන කාරණාවකි. ඇතැම්
පරිත්යාගශීලි පිංවතුන් චෛත්යය පහ,
දහය
නිර්මාණය කරන්නට
බාර
ගන්නා
ආකාරය
පුදුම
සහගතය.
ගමක්,
නගරයක්
පාසා
පන්සල්
පිහිටා
ඇත.
නමුත්
සිය
ගණනක්
පන්සල්වල බෝධීන්
වහන්සේ
සහ
බුද්ධ
මන්දිරය ස්ථාපිතව පැවැතිය ද චෛත්යයක් නොමැති
වීම
අඩුපාඩුවක්ව පවතියි.
ගමයි
- පන්සලයි, වැවයි
- දාගැබයි ලෙස
අපේ
ජනප්රවාදයේ ජන වහරක්
ද පවතියි. චෛත්යය
හඳුන්වන තවත්
නමක්
ලෙස
දැගැබ
යන්න
පෙන්වාදිය හැකිය.
එම
ජන
වහරෙන්
ද ප්රකට වනුයේ
ගමක්
තුළ
විරාජමානව වැජඹෙන
චෛත්යය රාජයාණන් වහන්සේට කොතරම්
වැදගත්කමක් පවතින්නේ ද යන්නය.
දුෂ්කර ගම්මාන
සොයා
ගෙන
ගොස්
චෛත්යය නිර්මාණය කිරීමේ
කටයුතු
සම්පූර්ණ කරන
බෝධිසත්ව ගුණෝපේත ජානක
සී.
සේනාධිපති මහතා
මිහිපිට වැඩ
සිටින
දෙවියකු ලෙස
ඇතැමුන් විශ්වාස කිරීම
පුදුමයක් නොවේ.
සම්බුද්ධ ශාසනය
තවත්
චිරාත්
කාලයක්
පුරා
මේ
ලක්
ධරණි
තලය
තුළ
රැක
ගැනීමේ
අපේක්ෂාව ඇතිව
සිදු
කරන
එතුමාණන්ගේ මේ
ශාසන
සේවාව
නිසා
දස
දහස්
ගණන්
ජනතාව
කුසල්
රැස්
කර
ගැනීමට
යොමුව
සිටියි.
මෙවැනි
උතුම්
කාර්යන්ට දායකත්වය, මඟ
පෙන්වීම ලබාදීමෙන් කිසිදු
ලාභ
ප්රයෝජනයක් බලාපොරොත්තු නොවන ජානක මහතාණන් තම
ජීවිතයම උතුම්
තුනුරුවන කෙරෙහිම පරිත්යාග කර තිබේ.
එතුමාණන් චෛත්යය සෑදීමෙන් පමණක්
නොනැවතී ආර්ථික
අපහසුතාවලින් පෙළෙන
ගම්මානයන්හි පිහිටි
පන්සල්වලට අවශ්‍ය සංඝාවාස, අටවිසි
බුදු
කුටි,
විහාර
මන්දිරයන්, බෝධි
ප්රාකාරයන් ඉදි කිරීම ද සිදු කරන්නේය.
උතුම් බෝධිසත්ව ගුණයන්ගෙන් යුක්ත
වන්නා
වූ
ජානක
සී.
සේනාධිපති මහතා
රට
පුරා
චෛත්යය රාජයාණන් වහන්සේලා ඉදි
කිරීමේ
සංකල්පය ආරම්භ
කරනුයේ
1998 වසරේදීය. මෙම
සංකල්පයට නව
ජීවයක්
ලබාදෙමින් ප්රථමයෙන්ම පන්සල්වල ගරා වැටුණු චෛත්යය ප්රතිසංස්කරණය කිරීම
ආරම්භ
කළේය.
ගරා
වැටුණු
චෛත්යය එකසිය ගණනාවක් සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කර සම්බුද්ධ ශාසනයට
පූජා
කළ
එතුමාණන් ඉන්
නොනැවතී අලුතින්ම චෛත්යය සියයක් වසර
දෙකක්
තුළදී
නිමාවට
පත්
කර
ශාසනයට
පූජා
කරන්නට
කටයුතු
කළේය.
චෛත්යය, සංඝාවාස, අටවිසි
බුදු
කුටි,
විහාර
මන්දිර,
බෝධි
ප්රාකාර, ධාතු මන්දිර
යනාදිය
අලුතෙන්ම ඉදි
කරමින්
සහ
ප්රතිසංස්කරණය කරමින් හාරසිය ගණනක්
බුද්ධ
ශාසනයට
පූජා
කරන්නට
එතුමාණන් පියවර
ගෙන
තිබේ.
අලුතින්ම ඉදි
කළ
චෛත්යය ඇතුළු ඉදි
කිරීම්හි ජානක
සී.
සේනාධිපති මහතාගේ
නම
සඳහන්
කරමින්
නාම
පුවරු
කරවා
ඇත.
එවැනි
නාම
පුවරු
පවතින්නා වූ
පන්සල්වලට ගොස්
ඔහුගේ
ඉදි
කිරීම්
සම්බන්ධයෙන් පන්සල්හි වැඩ
සිටින්නා වූ
ස්වාමීන් වහන්සේලාගෙන් සහ
සතර
පේරුවේ
දායක
සභාවෙන් විමසා
බලන්නට
ඕනෑම
අයෙකුට
අයිතියක් පවතියි.
ඒ තරම්ම විනිවිඳභාවයකින් යුක්තව
කරන්නා
වූ
මෙම
ඉදි
කිරීම්
සම්බන්ධයෙන් කිසිවෙකුටත් වචනයකින්වත් ගැරහීමක් කළ
නොහැකි
සේ
මේ
කාර්යන් කිරීම
පුදුම
සහගත
ය. එය සියැසින්ම දැක
බලා
ගැනීමෙන්ම වටහා
ගත
හැකිය.
දුෂ්කර දුප්පත් ගමක
චෛත්යයක් ඉදි කිරීම
සඳහා
පළමුව
ධනවත්
පරිත්යාගශීලින්ගේ අනුග්රහය ලබා
ගැනීමට
ජානක
මහතා
කටයුතු
කරන්නේය. නව
ඉදි
කිරීම
සඳහා
අවශ්‍ය සියලු උපදෙස්
අවවාද
අනුශාසනා ලබාදීමෙන් මඟ
පෙන්වීම සිදු
කළ
ද මුදල් පරිහරණය නොකිරීමට එතුමාණන් වග
බලා
ගනියි.
ඉදි
කිරීමට
අවශ්‍ය සිමෙන්ති, ගල්,
වැලි,
ගඩොල්
ඇතුළු
අවශ්‍ය ද්‍රව්‍ය ඉදි කිරීම
බාර
ගන්නා
පිංවත්
තැනැත්තා හෝ
තැනැත්තිය විසින්ම අදාළ පන්සලට ගෙනැවිත් බාර
දිය
යුතුය.
එසේ
නොමැතිව ඉදි
කිරීමට
අවශ්‍ය දෑ මිල
දී
ගන්නා
ලෙස
අදාළ
මුදල්
පන්සලේ
ස්වාමීන් වහන්සේට හෝ
සතර
පේරුවේ
දායක
සභාවට
හෝ
වෙනත්
අයෙකුට
ලබාදීමට අවසරයක් නොමැත.
මේ
කාර්යන් ඉතාම
විනිවිඳභාවයකින් යුතුව
කරන්නට
අවශ්‍ය නිසා එවැනි
කාරණාවක් අනුගමනය කරයි.
චෛත්යය රාජයාණන් වහන්සේ
ඉදි
කරන්නට
මුල්
ගල
තබා
මාස
දෙක
තුනක්
යන්නට
ප්රථම ඉදි කිරීම
අවසන්
කරන්නට
ද කටයුතු කිරීම සැබැවින්ම පුදුම
සහගතය.
චෛත්යය ඉදි කරන්නට
පරිත්යාගශීලින් අවශ්‍ය මුදල්
ලබාදීම
සිදු
කළ
ද,
ඉදි
කිරීම
සඳහා
අවශ්‍ය ශ්රම
දායකත්වය ගමේ
දායක
සභාව
ලබාදිය
යුතුය.
පංචශීල
ප්රතිපදාව අනුගමනය කරන්නා වූ නිර්මාණකරුවන් පිරිසක් විසින්
ඉදි
කරන්නා
වූ
චෛත්යයෙහි සර්වඥ ධාතූන්
වහන්සේ
තැන්පත් කිරීමෙන් අනතුරුව සම්බුද්ධ ශාසනයට
පූජා
කරන්නට
ජානක
මහතා
කටයුතු
කරන්නේය. අලුතින් ඉදි
කළ
චෛත්යයෙහි හතරැස් කොටුව
තුළ
බුද්ධ ප්රතිමා වහන්සේලා තැන්පත් කිරීමට
පිංවතුන්ට අවස්ථාව සලසා
දීම
ද වැදගත් කටයුත්තකි. තමන්
කැමැති
නම්
පමණක්
බුද්ධ ප්රතිමා වහන්සේ
නමක්
එහි
තැන්පත් කර
පිං
රැස්
කර
ගත
හැකිය.
අවසානයේදි පන්සලේ
ස්වාමීන් වහන්සේ
සහ
දායක
සභාවේ
පුද්ගලයන් ඉදිරිපිට හතරැස්
කොටුව
සීල්
කර
චෛත්යයෙහි වැඩ අවසන්
කරයි.
චෛත්යයක් ඉදි කිරීමෙන් පසුව
එය
සම්බුද්ධ ශාසනයට
පූජා
කිරීම
සඳහා
රාත්රි පුරා බෝධි
පූජාවන් ඇතුළු
පූජාවන් පන්සල
තුළ
පැවැත්වීම ද විශේෂත්වයකි. ඒ සඳහා දස
දිශාවෙන් සැතපුම් ගණනාවක් ගෙවා
ගෙන
පැමිණෙන්නා වූ
දහස්
සංඛ්යාත පිරිසක් සහභාගි
වේ.
චෛත්යය
වන්දනාවෙන් සැදැහැති බෞද්ධයන්ගේ සිත්
තුළ
කුසල්
ජනිත
කරවයි.
ජීවමාන
බුදුරජාණන් වහන්සේ
නමදින්නාක් මෙන්
හැඟීමකින් යුතුව
චෛත්යය වන්දනාව කිරීමෙන් ලැබෙන
කුසලයන්ගේ ආනිසංස
දෙලොව
ජය
ගන්නට
හේතු
වන
බව
බෞද්ධ දේශනාවන්හි සඳහන් ය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතූන්
වහන්සේ
තැන්පත් කළ
චෛත්යයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී
ගත්
මහා
වනයෙහි
විය.
එම
චෛත්යය ගරා වැටුණු
ස්වාභාවයකින් යුක්ත
වූ
අතර
ඒ බව වනයෙහි වැඩ
කරන්නා
වූ
එක්තරා
පුද්ගලයකුට දකින්නට හැකි
විය.
වන
කාර්මිකයෙක් ලෙස
හැඳින්වූ මේ
පුද්ගලයා චෛත්යය වසා ගෙන
සිටි
කොළ,
දර,
වැල්
ඉවත්
කර
පිරිසිදු කර
වන්දනාමාන කළේය.
චෛත්යය පිරිසිදු කර
වන්දනාමාන කළ එම පිනෙන් ඔහු
තව්තිසා දෙව්ලොව උත්පත්තිය ලබන්නට
පිංවන්ත විය.
එපමණක්
නොව
එම
පින
හේතු
කර
ගනිමින් තුන්සිය වතාවක්
දිව්‍ය සම්පත් ලබන්නට
ද,
විසිපස් වතාවක්
සක්විති රජකම
ලබන්නට
ද ඔහුට හැකියාව ලැබුණු
බව
බෞද්ධ දේශනාවෙහි සඳහන් ය. චෛත්යය වන්දනාවෙන් එතරම්
කුසල්
සංඛ්යාවක් ජනිත වන්නේ
නම්
චෛත්යයක් කරවීමෙන් කොතරම්
කුසල්
කන්දක්
ජනිත
වනු
ඇතිද?
අපේ
පිංවත්
ස්වාමීන් වහන්සේලා නිවසක්
පාසා,
ගමක්,
නගරයක්
පාසා
ගොස්
මුදල්
එකතු
කරමින්
තමන්ගේ
පන්සල
නිර්මාණය කරන්නට
දරන
උත්සාහය දැක
උතුම්
වූ
ජානක
මහතාණන් මේ
ශාසන
සේවාව
ආරම්භ
කරන්නට
සිතුවේය. ජානක
මහතාට
මේ
ශාසනික
සේවාව
කරන්නට
උපකාර
වීම
සඳහා
කිසිදු
ලාබ
ප්රයෝජනයක් අපේක්ෂා නොකරන පිං සිතිවිලිවලින් පොහොසත්ව සිටින
කල්යාණ මිත්‍ර කාර්ය මණ්ඩලයක් ද සිටින බව කිව
යුතුමය.
ත්රෛයිනිකායික මහා
සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව
“බෝධිසත්ව“ යන
නාමයෙන් පිදුම්
ලැබූ
ජානක
සී.
සේනාධිපති මහතා
චෛත්යය නිර්මාණය කරමින්
කරන්නා
වූ
ශාසනික
මෙහෙය
සම්බන්ධයෙන් උතුම්
වූ
භික්ෂූන් වහන්සේලා දරන
මතයයි
මේ.
තිස්සමහාරාම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති, හම්බන්තොට මාතර දෙපළාතේ ප්රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම් ධම්මසේන හිමි
ජානක සේනාධිපති මහතා
තුනුරුවන කෙරෙහි
ඉතාම
ශ්රද්ධාවෙන් යුතුව පරහිතකාමී හැඟීමෙන් සියලුදෙනාගේම හිතසුව
පිණිස
කරන්නා
වූ
පුන්‍ය ක්රියාවන් මෙපමණ
යැයි
කියා
නිම
කළ නොහැකියි. භික්ෂු භික්ෂුණී, උපාසක
උපාසිකා සිව්වනක් පිරිසම
ඔහුගේ
පුන්‍ය ක්රියාවන්ට සම්බන්ධ වෙනවා.
කකුසඳ,
කෝණාගම,
කාශ්යප, ගෞතම බුදුවරුන්ගේ පාද
ස්පර්ශය ලැබූ
තිස්සමහාරාම උතුම්
පිං
බිමේ
අද
සිදු
කරන්නා
වූ
මේ
පිංකම
තමන්ටත් අනුන්ටත් යහපතක්
වන
කුසල
ක්රියාවක්මයි. මේ පුන්‍ය ක්රියාව ඉතාම
සද්භාවයෙන් යුතුව
ජානක
මහතා
මුල්
වෙමින්
සිදු
කරනවා.
ජානක
මහතා
සිදු
කරන
පුන්‍ය ක්රියාවන්ට බෞද්ධාගමිකයන්ම පමණක්
නොව
අන්‍ය ආගමික පිරිස්
ද එකතු වෙනවා. ආගමික
සහජීවනය ඇති
කරන්නට
එය
හේතු
වෙනවා.
ධර්මය
අධර්මය
කරන
යුගයක
වෙහෙර
විහාර
ඉදි
කරමින්,
පිංවත්
පිරිස්
ධෛර්යවන්ත කරමින්
සිදු
කරන
පිංකම්වලට ඔහු
සම්මාන
බලාපොරොත්තු වන්නේ
නැහැ.
කීර්තිය, ප්රශංසාව, ලාබ සත්කාර,
මුදල්
බලාපොරොත්තු නොවී
සිදු
කරන
මේ
මෙහෙවර
දහස්
සංඛ්යාත ජනතාවගේ සුබසිද්ධියට සඳහා
බලපානවා. ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව
ඔහු
සිදු
කරන
මේ
ශාසන
සේවය
තවදුරටත් සිදු
කරන්නට
මහා
සංඝරත්නය වශයෙන්
අපේ
ආශිර්වාදය ද නොපසුබටව ලබාදෙන්නට අප කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමි
ශ්රී
ලංකාව
ලස්සන
රටක්.
අපේ
පිංවතුන්ට ඒ බව වැටහෙන්නේ නැහැ.
අපේ
මිනිසුන්ගේ ජීවිත
දුෂ්කරයි. කරදර
සහිතයි.
එවන්
කරදර
සහිත
වූ
ජීවිතවලට අස්වැසිල්ලක් ලබාදෙන්නට ජානක
සී.
සේනාධිපති මහතා
ගන්නා
වීර්ය
ප්රශංසනීයයි. ලංකාවේ ජනතාව දුක්
විඳිය
යුතු
නැහැ.
ඇති
තරම්
සම්පත්
අපට
තිබෙනවා. ඒ වගේම ජානක මහතා
වගේ
සත්
ගුණවත්
පිරිසක් රටේ
සිටිනවා. අධ්යාත්මික ශක්තියක් තිබෙන සේනාධිපති මහතා
මේ
ශාසනයේ
ප්රබෝධයක් ඇති කරන්නට කටයුතු
කරනවා.
කරුණාව,
මෛත්රිය රටටම ලබා
දිය
හැකි
නම්
රටේම
ජනතාව
සුවපත්
කළ හැකියි. කාලයක් තිස්සේ
ලැබූ
පුහුණුවකින් විශාල
අධ්යාත්මික ශක්තියක් ලබා සිටින ජානක
මහතා
රට
පුරාම
අධ්යාත්මික ශක්තියක් ඇති කරන්නට කරන
මෙහෙය
ගැන
අපි
සතුටට
පත්
වෙනවා.
ගල්ගමුව,
පාලුකඩවල, වෙහෙරගල පුරාණ විහාරාධිපති බක්මීගහවත්තේ ගුණානන්ද හිමි
සරු වූ
දේවල්
සරු
ලෙසත්,
නිසරු
වූ
දේවල්
නිසරු
ලෙසත්
දකින
ජානක
මහතා
උතුම්
බෝසත්
චරිතයක් ගොඩනඟා
ගත්
පුද්ගලයෙක්. ප්රාර්ථනා කළත් නොකළත් ඔහුට
ලැබිය
යුතු
ගරු
සම්මාන
මේ
සමාජයෙන් ලැබෙනවා. ඈත
දුෂ්කර
පන්සල්
සොයා
ගෙන
ගොස්
ඒවාට
අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට ඔහු
කටයුතු
කරන්නේ
කිසිදු
ලාබ
ප්රයෝජනයක් නම් බලාපොරොත්තුවෙන් නොවන
බව
කිව
යුතුමයි. ජානක
මහතා
සිදු
කරන
චෛත්යය ඉදි කිරීම්
සැබැවින්ම විශ්මිතයි. 218 වැනි
චෛත්යය ඉදි කිරීම
ලෙස
අංගුලිමාල චෛත්‍ය නමින් අපේ
පන්සලේ
චෛත්යය රාජයාණන් වහන්සේ
නමක්
ඉදි
කරන්නට
ඔහු
කටයුතු
කළා.
චෛත්යය නිර්මාණය කිරීමෙන් පමණක්
ඔහු
සෑහීමකට පත්වන්නේ නැහැ.
අද
දායකයාත් පන්සලත් අතර
ඇති
සම්බන්ධතාව ඈත්
වෙලා.
එම
සම්බන්ධතාව නැවත
ඇති
කරන්නට
මේ
චෛත්යය නිර්මාණයෙන් ඔහු
කටයුතු
කරනවා.
චෛත්යය නිර්මාණයට අවශ්‍ය මුදල් පරිත්යාගශීලි පිංවතුන්ගෙන් ලබාදෙන අතර ඒ සඳහා අවශ්‍ය ශ්රම දායකත්වය ගමෙන්
පන්සලට
ලබාදිය
යුතුයි.
එමඟින්
ගමත්
පන්සලත් වූ
අතර
සම්බන්ධතාව වෙනදාට
වඩා
ශක්තිමත් වෙනවා.
අංගුලිමාල චෛත්‍ය රාජයාණන් වහන්සේ
නිර්මාණය කිරීමත් සමඟ
වෙනදාට
වඩා
ගමේ
උදවිය
පන්සලට
පැමිණ
වන්දනාමාන කරනවා.
ජානක
මහතා
මේ
පුන්‍ය ක්රියාවන් කරන්නේ
කිසිදු
ලාබ
සත්කාරයකින් තොරවයි.
ඒ මහතාට මුදල් අවශ්‍ය නම් මේ
පූජා
පිංකම්වලට පැමිණෙන දස
දහස්
සංඛ්යාත සැදැහැවතුන්ගෙන් එක
රුපියල් සීයය
ගණනේ
එකතු
කළා
නම්
ලක්ෂ
ගණනක්
මුදල්
සොයා
ගත
හැකියි.
එවැනි
කිසිදු
අපේක්ෂාවක් නොමැති
ඔහු
පන්සලකින් ඇලවතුර
පොදක්වත් බොන්නේ
නැහැ.
සංඝයා
සතු
දේවල්
ඔහු
ලබාගන්නේ නැහැ.
ඔහු
එසේ
කරනුයේ
සම්බුද්ධ ශාසනය
කෙරෙහි
තිබෙන
අචල
ශ්රද්ධා සම්පන්න ගෞරවය
නිසාමයි. තවත්
වසර
ගණනාවක් ගත
වන
විට
අපේ
මහා
වංශයේ
පිටුවක් ජානක
මහතා
නමින්
ලියැවෙනවා ඒකාන්තයි. මේ
මොහොත
වන
විටත්
ලියැවිලා ඇති.
ඈත
එපිට
දුෂ්කර
ගම්මානවල පන්සල්
දියුණු
කරමින්,
භික්ෂූන් වහන්සේලාට සුවපහසුව ලබාදෙමින්, ගිහි
දායකයන් පන්සල්
වෙත
යොමු
කරමින්
ඔහු
ගෙන
යන
මේ
ධර්ම
යාත්රාව ඉතාම ප්රශංසනීයයි.
කලවැල්දෙනිය ශ්රී සුධර්මාරාමාධිපති, හෝමාගම මහා විද්යාලයේ විදුහල්පති, ශාස්ත්රපති පණ්ඩිත පූජ්‍ය කලවැල්දෙනිය රතන හිමි
අපේ පන්සලේ
චෛත්යය මාසයකින් ඉදි
කරනවා
කියා
ජානක
මහතා
මට
දැනුම්
දුන්
විට
මට
හිතා
ගන්නට
බැරි
වුණා.
කෙසේ
හෝ
ඔහු
කීවා
වාගේම
අපේ
පන්සලේ
වප්ප
චෛත්යය මාසයකින් ඉදි
කළා.
මේ
චෛත්යයයන් ඉදි කරන්නට
පරිත්යාගශීලි පිංවතුන් ධනය ලබාදෙනවා. මේ
ධනය
ඔවුන්ගේ සුඛ
විහරණය
උදෙසා
පරිහණය
කරන්න
පුළුවන්. නමුත්
ඔවුන්ගේ කරුණා
ගුණය
නිසාම
මේ
මුදල්
භාවිතා
කර
චෛත්යය ඉදි කර
දුප්පත් ගම්මානවල ජනතාවට
වන්දනාමාන කර
පිං
රැස්
කර
ගන්නට
අවස්ථාව සලසා
දීම
උතුම්
මිනිස්
ගුණයක්.
මේ
මුදල්
පංච
ඉන්ද්රියන් පිනවීමට යොදා
ගත
හැකියි.
ඔවුන්
එසේ
නොකර
කිසිදු
ලාබ
සත්කාරයක් අපේක්ෂා නොකර
ශාසනයට
පූජා
කරනුයේ
කුසල්
රැස්
කර
ගැනීමේ
අරමුණෙන්මය. ඒ ආශ්චර්ය ඇති කළේ ජානක
මහතා
බව
කිව
යුතුයි.
මෙවන්
කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්රය කරන්නට
ලැබීමම
අපේ
පිනක්.
ගිරිවංසාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බෞද්ධ හා බටහිර මනෝ උපදේශක දේවගල පඤ්ඤාරංසි හිමි
ජානක මහතාගේ
චෛත්යය සංකල්පය තුළ
247 වැනි
චෛත්යය නිර්මාණය කිරීම
සඳහා
අවිස්සාවේල්ල, දෙහිඕවිට, හිඟුරලකන්ද ගිනිවංශාරාම පුරාණ
විහාර
භූමිය
තෝරා
ගෙන
තිබෙනවා. නිරෝගී
සම්පත්තියෙන් අග
තැන්පත් භක්කුල
මහ
රහතන්
වහන්සේ
නමින්
එම
චෛත්යය නිර්මාණය වෙනවා.
මේ
චෛත්යය රාජයාණන් වහන්සේ
නිර්මාණය වීම
තුළින්
ගම්මානයේ ජනතාවට
වඩ
වඩාත්
පිංකම්
කර
ගැනීමේ
අවස්ථාව ලැබෙනවා. මෙවැනි
උතුම්
කාර්යක් කරන
ජානක
මහතා
උතුම්
නිර්වාණ සම්පත්තියම ලැබේවා.
දිවුල්වැව පුරාණ විහාරාධිපති පාලුගම විමලානන්ද හිමි
දුර්ලභ ගණයේ
මිනිසුන් අතර
ඉපදුණු
ඉතාම
දුර්ලභ
ගණයේ
මනුෂ්‍ය රත්නයක් ලෙස
ජානක
සේනාධිපති මහතා
හඳුන්වන්න පුළුවන්. ඔහුගේ
මුවෙන්
පිට
වන්නේ
බොහෝම
සත්යවාදි වදන්. කයෙන්
ක්රියාවට නංවන්නේ බොහෝම
සත්යවාදි ක්රියාවන්. මනසින්
සිතනුයේ බොහෝම
සත්‍ය ක්රියාවන්. ඒ නිසාම තමයි ඔහු
දුර්ලභ
ගණයේ
මිනිසෙක් ලෙසට
හඳුන්වන්නේ. ලොව්තුරා තථාගතයන් වහන්සේ
මේ
ලෝකයාට
ගුරු
වුණා.
ඒ වගේම ජානක මහතා
මේ
මෑතක
සිට
බහුතරයක් වූ
පිංවත්
ජනතාවට
ගුරු
වෙමින්
බුද්ධාලම්භන ප්රීතිය වැඩි කරන
දුර්ලභ
ගණයේ
මහා
පිංකම්
සිදු
කරනවා.
තවත්
චිරාත්
කාලයක්
ඔහුට
මෙවැනි
පිංකම්
කරන්නට
උතුම්
වූ
ධෛර්ය,
නිරෝගී
සම්පන්නභාවය ලැබේවා.
සටහන - සන්ධ්යා කරුණාරත්න.
Subscribe to:
Posts (Atom)
-
වන්දනීය පූජනීය උතුම් බෝධිසත්ව ගුණෝපේත ජානක සී. සේනාධිපති මහතාණන්ට අපගේ නමස්කාරය වේවා...! “ සබ්බේ සත්ථා භවන්ත් සුඛිතත්ථා “ ( සියලු ස...
-
ත්‍රෛනිකායික මහා සංඝ රත්නයෙන් පිදුම් ලැබූ සාම ශ්‍රී මානව දේශ ප්‍රේමී, සමාජ සුබ සාධක, අසරණ සරණ, දේශ කීර්ති, විශ්ව කීර්ති, ලෝකේශ්වර...
-
අනන්ත වූ සත්‍ය බුදුගුණයන්හි පිහිටා මිථ්‍යා දුෂ්ටියෙන් බැහැර වෙමු . නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ......! ඒ භාග...